Friday, October 11, 2019


සිගීරිය රාවණාට සම්බණ්ධ ඇයි / සිගීරිය  (පලමු කොටස)




1890 දී H . C .P බෙල් සොයා ගත් සී ගිරිය  හෙළයන්ගේ උරුමයකි. H.C.P බෙල් මහතා මෙහි කැණීම් කරන අතරතුර ඔහු පවසා තිබෙනවා මෙහි යුග දෙකක නශ්ඨාව ශේෂ තව නොබෝ දිනකින් හමුවන බව.  කාශ්‍යප යුගය හා රාවණ යුගය ඒ යුග දෙකයි. මෙය අප බොහෝ දෙනා දන්නා කරුණකි. කාශ්‍යප යුගය ගැන කථා කලත් රාවණ යුගය සී ගිරියට සම්බන්ධ නැති යැයි, ඇතැමුන්ගේ විශ්වාසයකි. නමුත් මෙහි සත්‍යතාවය නම් මෙම සීගිරිය කුවේරගේ ආලකමන්දාවයි. කුවේර යනු රාවණගේ එක කුස නූපන්  වැඩිමහල් සොහොයුරායි. මෙය නිර්මාණය කළේ පුලස්ති ඍෂිවරයාගේ මගපෙන්වීම යටතේ රාවණගේ මාමණ්ඩිය වන මයදානවයන්‍ ය. රාවණ රජු ස්වභාවධර්මයාට ආදරය කෙරූ  පුද්ගලයෙක්  බව මම මීට පෙර  ඔබට ප්‍රකාශ කර ඇත.  කුවේරයන් ඉන්දියානු ඇදහිලි විශ්වාස සමග ජීවත් වූ මිනිසෙකි. සතුන් මැරිම,ස්වභාවධර්මයා විනාශය හා මිනිසුන් වහලුන් මෙන් සැලකූ  රජෙකි. මෙය දැක කෝපයට පත් වූ රාවණ කුවේරයන්ද, ඔහුගේ බිරිදද, සේනාව හා චිත්‍ර ශිල්පීන්ද ඉන්දියවට පන්නා සී ගිරියේ පාලනය තම යටතට පත් කර ගත්තේය. සිගීරි ගල අභ්‍යන්තරයේ තට්ටු 7 යුක්‍ත මන්දිරයක් ඉදිකර තිබෙනවා. එම නිසා තමයි එමගල සී (ගිරිය) යනුවෙන් හදුන්වන්නේ. සිගීරි ගලේ එක් පසෙක පඩිපෙලක් නිර්මාණය වී තිබෙන අතර මිනිසුන් මෙය රජු ගල නැගීම සදහා යොදාගත්තා යැයි පවසනවා. නමුත් එය මුසාවක් බැලූ බැල්මට එය නැග්ග නොහැකි පඩිපෙලකි. මහා වංශයේ 31 පරිච්ඡේදයේ සදහන් වෙනවා “නැග්ග නොහැකි පව්ව” යනුවෙන්. මන්ද රජු ගල තරණය කළ ඇත්තේ කර්කටක යන්ත්‍රයක් ආධාරයෙනි. "සිංහ පාදය ගැන සදහන් කොළොත් එය සිංහ පදයක් නොවේ"(විශ්ලේෂණ වලින් සොයාගත් මාගේ කරුණකි) එය ගුරුලෙකුගේ පාදයක්‍ ය....................... (දෙවනකොටසින් හමුවෙමු)................

Thursday, October 10, 2019


රාවණ ගුහාව

දැවැන්ත ඉතිහාසයක මූලාරම්භය ලෙස ඇල්ලවැල්ලවාය මාර්ගයේ 16 කණුව අසල තිබෙන රාවණාඇල්ල හා රාවණාඇල්ල රජමහා විහාරයට ඉහලින් පිහිට තිබෙන රාවණ රජු සීතා සගවා සිටි ගුහාව හමුවේ. මෙය බොහෝදෙනගේ මනස තුල ගුහවක් පමනක් වූ අතර මෙහි සත්‍ය සොයා යෑමේදි මෙය රාවණ රජු සීතා සගවා සිටි මාලිගයට ඇතුලු එක දොටරටුවක් ලෙස සාධක හමුවී ඇත. අඩි ගණනාවක් ගැඹුරටද කි.මී 2 දුරටද විහිදී තිබෙන මෙම මාලිගය ගොඩ වූ පස් හා ගල්  වලට වැසී පවති. ජනප්‍රවාදයේ සදහන් වන පරිදි මෙම ස්ථානය තුල අදටත් රාවණ රජුට උපකාර කල මහා කාල ඍෂිවරයා වැඩසිටිනවායි ඇතමුන්ගේ විස්වාශය යි. මෙම ගුහාව යට තිබෙන මාලිගය භූගතව ඉදිකරන්න හේතුව ලෙස, “රාවණ රජු සොබාදහමට ආදරය කරන හා සොබාදහම බුක්‍තිවිදු පුද්ගලයෙක් වීම” විශේෂත්වයකි. එම නිසා ඔහු කෙරූ සමහර ඉදිකිරීම් ශිලාගෝලය තුල ඉදිකිරීමද සතුටට කරුණකි.